Sunday 27 April 2014

ඔපරේෂන් ඔටු සුප්

මේ දවස් වල ඉල්ලංකැලෑවෙ මහ ගිනි විජ්ජුම්බරයයි. කහ කුරුලු හමුදාව ඔටුවන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරලා.

කහ කුරුලු හමුදාව වැඩේ පටන් ගත්තෙ ඔටුවන්ගෙ කෑම, අනික් සත්තුන්ට කන්න දෙන්න බෑ කියල. ඊට පස්සෙ ඔටුවන්ගෙන් බඩු ගන්න එක වර්ජනය කරන්න කිව්ව. ඔටුවන්ට ඉල්ලංකැලෑවෙ ඉන්න අයිතියක් නෑලු, ඔටුවො කාන්තාරෙ ඉඳල ඉල්ලංකැලෑවට ඇවිත් තියෙන්නෙ ඉල්ලංකැලෑවත් කාන්තාරයක් කරන්නලු, එහෙම වුනොත් ඉල්ලංකැලෑවෙ සත්තුන්ට ඉන්න හිටින්න තැනක් නැති වෙනවලු. කහ කුරුල්ලො විතරක් නෙවෙයි, බඩ කහ නයි, කහඳ පණුවො, කහ කොරවක්කො විතරක් නෙවෙයි සිවුරු හොරුත් ඔටුවන්ට විරුද්ධයි. කැලේ අනෙක් සත්තුත් හිටු කියල වැඩේට සපෝට්.

පහුගිය දවසක පොඩි හුටප්පරයක් වෙලා, වැදි මූකලාන පැත්තෙ වැටක රකින වරක මදුලා ඔටුවන්ට සපෝට් කරන්න පටන් අරන්. කහ කුරුලු හමුදාවෙ අණදෙන නිලධාරියා වෙච්ච ගූ ගොඩ අත්තෙ වහන කහ කුරුල්ලට මළ පැනලා. වැටේ රකින වරක මදුලාට දුන්න හොඳ සම්බුවක්, කැලේ සත්තුන්ගෙන් සමාව ගන්නත් සිද්ධ කලා. කැලෑ පත්තරවලින් දුන්නා නියම ප්‍රසිද්ධියක්. බලන්න එපාය,  ගූ ගොඩ අත්තෙ කහ කුරුල්ලගෙ සාන්ත දාන්ත කතාව, කැලේ සත්තු බොහොමයක් කැලෑ බුකියෙ පින්තූර දාලා තිබ්බෙ “ කැලේ සත්තුන්ගෙ පිනට පහල වෙච්ච කැලෑ දෙයියෙක්“ කියල. බුකියෙ කරක් ගහන කැලේ සත්තු ආයෙ සැරයක් කැලෑප්‍රේමී වෙන්නත් පටන් අරන්.

පොඩි කොස්සකට තියෙන්නෙ සමාව ගත්තට වැටේ රකින වරක මදුලා වැඩේ අත ඇරල නෑ. තවමත් ඔටුවන්ට සපෝට්. ආයෙ සැරයක් සම්බුව දෙන්න බලන කොට වරක මදුලා ගිහිල්ල ඔටු ඇමතියෙක්ගෙ කූඩාරමක හැංගිලා.  කහ කුරුලු හමුදාව මහා මෙහෙයුමක් කලා ඌව අල්ල ගන්න “ඔපරේෂන් ඔටු සුප්“ කියල. වැඩේ නැගල ගියා. නයි ටීවී එක ලයිව් කවරේජ් එකකුත් දුන්න. තව පොඩ්ඩෙන් වරක මදුලායි ඔටු ඇමතියයි දෙන්නම සුප් කරනවා. කොහොම හරි වරක මදුලා ලිස්සල ගිහින්.  “ඔපරේෂන් ඔටු සුප්“ එක අසාර්ථක වුනා. කහ කුරුල්ලන්ට වස ලැජ්ජාව.

ගූ ගොඩ අත්තෙ කහ කුරුල්ල වහාම ගියා, කැලේ රජා, මැද මූකලානෙ මහනරියා හම්බ වෙන්න. කිව්ව කතන්දරේ රජතුමාට. කැලෑ රාජ්ජෙ නිලධාරි සත්තු හරියට වැඩ කරන්නෙ නෑය, තව ටික දවසක් මෙහෙම ගියොත් ඉල්ලංකැලෑව ඔටු කාන්තාරයක් වෙනවාය, ඔටුවන්ට ෆයිට් එකක් දෙන්න නම් තව ටිකක් රාජ සපෝට් එකත් ඕනෑය, කියල. මැද මූකලානෙ මහනරියා දන්නවා මෙච්චර කලුත් කහ කුරුලු හමුදාවට හොරෙන් හොරෙන් සපෝට් කලේ මහනරියගෙ මල්ලි, කොට නරියා කියලා. ඒත් ඉතින් ගූ ගොඩ අත්තෙ කහ කුරුල්ලට වෙලාවෙ හැටියට උදව්වක් කරන්නත් එපාය. මැද මූකලානෙ මහනරියාට ආවා නියම අයිඩියාවක්. ඔටු ප්‍රශ්න වලට හොට දාන්න වෙනම අංශයක් කැලෑ පොලොස්සියෙ පිහිටවන්නං කියල ගූ ගොඩ අත්තෙ කහ කුරුල්ලට පොරොන්දු වුනා.


කැලෑ පොලොස්සියත් බොක්කෙන්ම සපෝට්. මැද මූකලානෙ මහනරියා ඉල්ලංකැලෑවෙ රජ වෙච්ච දවසෙ ඉඳල කැලෑ නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන හින්ද කැලෑ පොලොස්සියටත් වැඩ නැතිව හිටියෙ. ඉඳල හිටල හයියෙන් ගිය ගොලුබෙල්ලෙක්ගෙන්, කෙහෙල් ගහකට කොටපු කොට්ටෝරුවෙක්ගෙන් දඩයක් ගහනව ඇරෙන්න, උන්ට තිබිච්ච එකම වැඩේ කහ කුරුලු හමුදාවෙ ඔටු ඔපරේෂන් දිහා බලන් ඉන්න එකම තමා. 

30 comments:

  1. සුපිරියි කළුවෝ..
    බලාගෙන ඉම්මු තව ටික දවසකින් ඔය සෙට් එක කැලේටම ගිණිතියයි..
    එදාට අපිටත් ගිණි තපින්න පුළුවන්...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් බං, අන්තිමට වෙන්නෙ කැලේටම කෙලවෙන වෙන එක තමයි.

      Delete
  2. පට්ටයි කලුවෝ මෑතක දැකපු සුපිරිම උත්ප්‍රාසයක්.. ජයවේවා...!!!

    ReplyDelete
    Replies
    1. තැන්කියු මචං,
      සින්ඩියෙ පබ්ලිසිටියටත් එක්කම

      Delete
  3. සුපිරියි කළුවො ඈ.

    ReplyDelete
  4. මරේ මරු ඇ, නේබර් ටෝක් පරාදයි, :D ජය වේවා.

    ReplyDelete
  5. උඹ ඇත්තටම කළුද.... සුදුද බං .......?????
    සුපිරි එකේ......උපරිම.......
    කවදත් පාරවල් පෙන්වන මගේ බොක්ක ගෙ සින්ඩියෙ දැකල ආවෙ මච්චෝ.......

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා මචං, හිත කලු නෑ.
      ඔව් බං, ඌ හින්ද තමයි මෙහෙමවත් බොගක් දාගෙන ඉන්නෙ

      Delete
  6. Sinhalese Buddhist27 April 2014 at 12:53

    Superb !! But I'm an admirer of BBS. As majority of Sinhalese I believe BBS is doing what needs to be done. I don't wanna question their methods. They have my regards.

    Hail BBS !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      උඹෙ අදහස් දැරීමේ අයිතියට මං ගරු කරනවා.
      ඒත් පොඩ්ඩකට හිතපං, උඹ සුළු ජාතිකයෙක් වුනානම්,
      පුද්ගලයෙක් විදියට (කණ්ඩායමක් විදියට නෙමෙයි, ) උඹට මේවට මූණ දෙන්න උනොත් කොහොමද මේව දරා ගන්නෙ කියල

      Delete
  7. ගංකබර සඟිස්කුරුතයේ ඈස් චර්යාව.

    ReplyDelete
  8. මැද මූකලානේ නරි කැලේ පුපුරන්න ඕන. මොකද ඔය නරි ප්‍රජාව බෝවෙනවා වැඩියි.

    ReplyDelete
    Replies
    1. නරි නං කමක් නෑ කියමු, නරි පස්සෙන් යන හිකනල්ලු, කැරිපොත්තො, දෙපත් නයිනෙ වැඩේ...

      Delete
    2. ඔය නරි කැලේ නැවත්තුවෙ නැත්තම්....බෝ වෙන්නේ වල් නරි. හිකනල්ලු පව් බන්. කහ මැරියගේ නරි කැලේ දරුණුයි.

      Delete
  9. ජාතිවාදයයි පුරුෂාධිපත්‍යයි දෙකම එකවගේ කුණු ගොඩවල් මේවා කුණු බක්කියටම තල්ලු කරන්න කාලේ හරි දැන්.

    ReplyDelete
    Replies
    1. අනේ අපි කවදාක පීනමුද එ් ගඟේ...

      Delete
  10. එලම එල. තොප්පි ගොඩයි. හරි යන අය දාගනිත්වා!

    ReplyDelete
  11. පට්ටයි මචෝ. මේක බුකියෙ ෂෙයාර් කරන්න ඕන ජයවර්ධන මලයවත් ටැග් කොරල...හෙහ් හෙහ් හේ..!

    ReplyDelete
    Replies
    1. එල එල...බුකියෙ තමයි වැඩි හරියක් එවුන් ඉන්නෙ කහ කුරුලු පිහාටු එල්ලගෙන

      Delete
  12. ඔය විදියට එක එකා කියන පදේට නටන්ට ගියොත් අර මහා නරියටත් ළඟදීම කෙල වෙලා යනවා..

    ReplyDelete
    Replies
    1. නරියට කෙල වුනොත් වෙන මොකෙක් හරි සතෙක් රජ වෙයි, මේ කැලේ සිංහයෝ වඳ වෙලා ගිහින් සෑහෙන කල්...

      Delete
  13. මේ ගූ ගොඩ අත්තෙ කහ කුරුල්ල වත් කහ කුරුල්ලොත් විතරක් නෙවෙයි, බඩ කහ නයි, කහඳ පණුවො, කහ කොරවක්කො විතරක් නෙවෙයි සිවුරු හොරුත් අමතක කරන ඇත්ත නම් ... . ..

    උන්ට ඔය නෙයියාඩගම් නටන්න ඉල්ලන්කාවට වැඩිම විදේශ විනිමයක් ලැබෙන්නේ ඉල්ලන්කාවේ ගෑනු ඔටු දේස වල කක්කුස්සි හෝදන්න යවලා කියන එකයි. ඒ ගෑනු කක්කුස්සි හෝදල එවන සල්ලි වලින් කාලා බීලා ජොලි කරලා තෙල අඩු කරන්න ඔටුවන්ට නෙලනවා . . මාර ආතල් ඕයි . .

    මේන් තියෙනවා අනුර කුමාර කියල එකෙක් කිව්ව කතාවකින් උපුට ගත්තු කෑල්ලක් . .

    අපේ රටේ ආනයන වියදම - රටට බඩු ගෙන්වන්න ඩොලර් බිලියන 20ක් ඕන (ඩොලර් කෝටි 2000ක්) අපට භාන්ඩ විකුනලා හම්බ වෙන්නේ ඩොලර් බිලියන 10යි (ඩොලර් කෝටි 1000යි.)
    ඉතුරු ඩොලර් බිලියන 10 හොයන්නේ කොහොමද?
    සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියනයක් හම්බ වෙනවා.
    තව ඩොලර් බිලියන 6ක් හම්බ වෙනවා විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් . . .

    ReplyDelete
  14. සහතික ඇත්ත..
    කොහොමද ඔටුතෙල් සප්ලයි එක නතර කරොත් එහෙම...

    ReplyDelete
  15. අපිට එපා හලාල්
    තොපි තම්බි...
    යන්න එපා
    තොපි වදවෙයි...
    ..
    ..
    හම්බයෝ බංග වේවා...
    අපේ රට අපිට...
    තොපි පල එහෙට...
    ,,
    ,,
    සර් ...සර්...
    ..
    ඇයි යකෝ....
    මං වැඩක් පේන්නැද්ද...
    ..
    ..
    පෙට්‍රල් ඉවරයි...
    අරාබිතෙල්......???


    අද ආවෙ...
    පට්ට මං එන්නං දිගටම..................
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. එල එල, නියමයි...
      තැනකියු වේවා..

      Delete
  16. “කහකුරුළු හමුදාව“ සිත පැහැරගත් නිවැරදිවම ගැලපෙන ප්‍රතිභාසම්පන්න යෙදුමක්.

    ReplyDelete