Friday 11 April 2014

නංගිලාට ආදරය කරමු....

මලාලාට වෙඩි තිබ්බා
ඒකි පකිස්තාන්...
වෙඩි තිබ්බෙ අන්තවාදියො
අපි.......
ශෝක ප්‍රකාශ කලා
බුකිය පුරාවටම...

නිර්භයාව රේප් කරා
ඒකි ඉන්දියන්....
කරපු එවුන් අල්ලනකන්
අපි....
පෙලපාලිත් ගියා
පින්තූර නොතිබුනත්...
ශෙයා කරා, ලයික් කරා

වෙනුෂා...
බුකිය නිසාම යන්න ගියා
ඒකි අපේම එකියක්.....
ප්‍රින්සිපල්ව ගෙදර යවනකන්
අපි....
විවේචනය කරා
බුකිය තහනම් කරන්නත්
ලයික් කරා

එතකොට  විභුෂිකා.....
*
*
*

(කවුද බං විභුෂිකා කියන්නෙ....)

2 comments:

  1. අඩේ කවුද බං විභූෂීකා කියන්නේ....

    ReplyDelete
  2. මාත් දන්නෑ බං. පොලොස් ප්‍රකාශක නම් කියලා තිබ්බ එහෙම කෙනෙක් අත් අඩංගුවට ගත්තෙ නෑ, ආදරේට තියා ගත්ත කියල.
    බොග දාන එව්වොයි බුකියෙ එව්වොයි දන්නැත්තෙ එහෙම කෙනෙක් නැතුව ඇති.

    ReplyDelete