Wednesday 9 July 2014

ආදරණිය ජනතාවට කරන නිවේදනයයි


රජ පවුලේ ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය,
ඉල්ලංකාව.

ආදරණිය ජනතාව වෙත,
ජනතාව තම අභිලාශයන් ඉක්මවා කටයුතු කිරීම

ඉල්ලංකා ජනතාව විසින්  තම මුඛය භාවිතා කර සිදුකල යුතු යයි රාජ සභාව විසින් අනුමත කොට ඇති ආහාර ගැනීම සහ ප්‍රශස්ති ගී ගැයිම යන කාර්යයන්ට අමතරව, අනුමත අභිලාෂයන් ඉක්මවා යමින්, කතා කිරීම, විවේචනය කිරීම, අදහස් දැක්වීම, සාකච්ඡා පැවැත්වීම, කවි සින්දු කීම, කට කතා පැතිරවීම, මඩ ගැසීම, නන් දෙඩවීම, කට බලියා ගෙන සිටීම, ඇතුලු තවත් නොයෙක් අකටයුතු ක්‍රියාවන් වල නිරත වන බව දැන ගැනීමට ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි එවන් ක්‍රියාවන් වල යෙදීමෙන් වැලකිය යුතු බව ඉල්ලංකා ජනතාවට මෙයින් අවධාරණය කරනු ලැබේ.

මෙයට,
ලේකම්,

රජ පවුලේ ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය.

3 comments:

  1. ඔය වගේ නිවේදනයක් විතරයි අඩු වෙලා තිබුනේ.

    ReplyDelete
  2. හිහි
    ඔව්වොව් කියන්න බෑ කලු ගෙ මේ පෝසුටුව දැකල එහෙම ගැසට් එකක් එන්නත් බැරි නෑ

    ReplyDelete
  3. ඉල්ලංකාවේ රජ පවුල හැර ජනතාවක් ඉන්නවද කළු?

    ReplyDelete